colombotimes.lk
සිංහල | English

23 October 2024


රත්මලාන දුම්රිය අංගනයේ වෙඩි හුවමාරුවක්



ගල්කිස්ස රත්මලාන දුම්රිය අංගනයේ අද (23) අලුයම වෙඩි තැබීමක් සිදු වී තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ දුම්රිය අංගනයේ දේපළ සොරකම් කිරීමට පැමිණි සැකකරුවන් 05 දෙනෙක් විසින් දුම්රිය ආරක්ෂක නිලධාරීන්ට පහර දී ඇති බවයි.

එහිදී දුම්රිය ආරක්ෂක නිලධාරීයෙක් කළ වෙඩි තැබීමකින් සැකකරුවෙක් තුවාල ලබා තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ සැකකරුවන් කළ පහරදීමෙන් එක් ආරක්ෂක නිලධාරියෙක් ද තුවාල ලබා ඇති බවයි.

තුවාල ලැබූ සැකකරු සහ දුම්රිය ආරක්ෂක නිලධාරියා ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

(colombotimes.lk)