colombotimes.lk
සිංහල | English

18 October 2024


උපුල් තරංග අත්අඩංගුවට ගැනීමට නියෝගයක්



තරග පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීම සඳහා අධිකරණයේ පෙනී නොසිටි ක්‍රිකට් තේරීම් කමිටු සභාපති උපුල් තරංග ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතලේ මහාධිකරණය අද (08) වරෙන්තු නිකුත් කළා.

ඒ මෙම වසරේ මාර්තු මාසයේ පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී නිමාවට පත් වූ “‍ලෙජන්ඩ් ට්‍රෝෆි 2024”‍ ක්‍රිකට් තරගාවලියේ මුදලට තරග පාවාදීම සඳහා බලපෑම් කළ බවට ඔහු විසින් කළ පැමිණිල්ලකට අනුව ගොනු කළ නඩුව මහාධිකරණ විනිසුරු රවීන්ද්‍ර ප්‍රේමරත්න ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.

(colombotimes.lk)