colombotimes.lk
සිංහල | English

05 October 2024


තවත් බස් රථයක් අනතුරකට ලක්වෙයි - 9ක් රෝහලේ



ලංගම බස් රථයක් බැද්දෙවෙල සිට බණ්ඩාරවෙල දක්වා ධාවනය කරමින් තිබියදී හල්පේ ප්‍රදේශයේදී අනතුරකට ලක්ව තිබෙනවා.

මෙම බස් රථය මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ තාප්පයක ගැටී ඇති බවයි වාර්තා වන්නේ.

බස් රථයේ කාර්මික දෝෂයක් හේතුවෙන් අනතුර සිදු වන්නට ඇති බවට සැක පළ කරනවා.

තුවාල ලැබූවන් අතර කාන්තාවන් 4ක් සහ පිරිමි පුද්ගලයින් 5ක් සිටින බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.

එම පිරිස දෙමෝදර ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

(colombotimes.lk)