15 July 2025

logo

තවත් නීති විරෝධීව එකලස් කළ ජීප් රථයක් හමුවෙයි



නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද ජීප් රථයක් සමඟ සැකකරුවෙක් ඊයේ (13) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පොලිස් විශේෂ කාර්ය බළකා ජයවර්ධනපුර කඳවුරේ නිලධාරීන් පිරිසක් විසින්. 
 
වැඩබලන පොලිස්පතිගේ උපදෙස් මත දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා පොලීසිය සිදුකරගෙන යන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුමට අදාළව මෙම ජීප් රථය සොයා ගෙන තිබෙනවා. 

මුල්ලේරියාව පොලිස් වසමේ හිඹුටාන ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකා ජයවර්ධනපුර කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබෙන බවයි වාර්තා වන්නේ. 

ජීප් රථය සන්තකයේ තබාගෙන සිටි සැකකරු අත්අඩංගුවට ගෙන මුල්ලේරියාව පොලීසිය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 53 හැවිරිදි වියේ පසුවන හිඹුටාන, මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. 

(colombotimes.lk)