colombotimes.lk
සිංහල | English

08 September 2024


අනුර කුමාර ජපාන විදේශ අමාත්‍යවරයා හමුවෙයි



මේ වන විට ජපානයේ සංචාරයක නිරත ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ජපානයේ විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය TSUGE YOSHIFUMI මහතා හමුවී තිබෙනවා.

එහිදී ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික හා දේශපාලන තත්ත්වය, දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය පිළිබඳවත් රාජ්‍යතාන්ත්‍රික සහ ආර්ථික සබඳතාවන්හි ඉදිරි පියවර පිළිබඳවත් සාකච්ඡා කර තිබෙන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම එළඹෙන ජනාධිපතිවරණය පිළිබඳවද මෙහිදී විශේෂ අවධානයක් යොමු වී තිබෙනවා.

මෙම සාකච්ඡාවට අග්නිදිග සහ නිරිතදිග ආසියානු කටයුතු දෙපාර්තමේන්තුවේ නිරිතදිග ආසියානු අධ්‍යක්ෂ සහ එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ඇතුළු නියෝජිතයන් පිරිසක්ද සහභාගී වී තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)