මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යය මේ මස 25වන දින සිට ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.
ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල සඳහන් කළේ ජූලි මස 25වනදා කප් සිටුවීමෙන් මෙවර පෙරහැර මංගල්‍යයේ කටයුතු ආරම්භ කිරීමට නියමිත බවයි.
ජුලි මස 30වනදා සිට දින 10ක කාලයක් කුඹල් පෙරහැර සහ රන්දෝලි පෙරහර වීදි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.
ප්‍රදීප් නිලංග දෑල මහතා සඳහන් කළේ පෙරහැර සඳහා අලි ඇතුන් ප්‍රමාණවත් පරිදි නොමැති වීම ප්‍රධාන ගැටලුවක් වී ඇති බවයි.
(colombotimes.lk)