08 August 2025

logo

BIG POS සහ O2 Digital අතර සුහද හමුවක් කොළඹදී



ලොව රටවල් රැසක ප්‍රචලිත POS සන්නාමයක් වන BIG POSහී ඉහළ කළමනාකාරීත්ව කණ්ඩායමක් පෙරේදා (06) දිවයිනට පැමිණියා.

ඒ මෙරට BIG POS මෙහෙයුම් කටයුතු පිළිබඳ විශේෂ සාකච්ඡා කිහිපයක් සඳහායි.

ගිය වසරේ සිට ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ක්‍රියාත්මක වන BIG POSහී මව් සමාගම වන්නේ BIG POS Malaysia.

මැලේසියාව ඇතුළු ඕස්ට්‍රේලියාව, තායිලන්තය, සිංගප්පූරුව යන රටවල ප්‍රමුඛතම POS සන්නාමයක් වන BIG POSහී ශ්‍රී ලංකාවේ නිල Digital අලෙවිකරණ ආයතනය වන්නේ Colombo Times සහෝදර O2 Digital ආයතනයයි. 

දිවයිනට පැමිණි Synergy Alliance Solutionsහී ප්‍රධාන විධායක නිලධාරී සහ BIG POSහී නිර්මාතෘ ආචාර්ය ඇලෙක්ස් ෆොන්ග් සහ BIG POSහී ප්‍රධාන මෙහෙයුම් නිළධාරී මහතා සහ O2 Digital කණ්ඩායම අතර සුහද හමුවක් ඊයේ (07) පස්වරුවේ පැවැත්වුණා.

ඒ කොළඹ කිංග්ස්බරි හෝටල් පරිශ්‍රයේදීයි.

එහිදී BIG POS ඉදිරි කටයුතු සහ පසුගිය වසරේ O2 Digital ආයතනයෙන් ලැබුණු දායකත්වය පිළිබඳව ප්‍රධාන විධායක නිලධාරී මහතාගේ විශේෂ පැසසුමට ලක්වුණා.

එමෙන්ම ඉදිරි කටයුතු සහ සැලසුම් පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු වුණා. 

මෙම හමුව සංවිධානය කළේ BIG POSහී ශ්‍රී ලංකා අධ්‍යක්ෂ Rishaad Sadikeen මහතා විසින්.  

මෙම විශේෂ අවස්ථාව පහතින්, 



එම ඡායාරූපයේ වම් පස සිට පිළිවෙළින් BIG POSහී ප්‍රධාන මෙහෙයුම් නිළධාරී මහතා, BIG POSහී ශ්‍රී ලංකා අධ්‍යක්ෂ රිෂාඩ් මහතා, Synergy Alliance Solutionsහී ප්‍රධාන විධායක නිලධාරී සහ BIG POSහී නිර්මාතෘ -  ආචාර්ය ඇලෙක්ස් ෆොන්ග් මහතා, සජීව ද සිල්වා CEO (O2 Digital), සඳරුවන් චතුරංග Lead - Post Production (O2 Digital), දිල් ද සිල්වා Junior Creative Director (O2 Digital) 

(colombotimes.lk)