තණමල්විල, හම්බෙගමුව පොලිස් බලප්‍රදේශයට අයත් දහයියාගල කරමැටිය වැව ආසන්නයේ වගුරු බිමක තිබී මියගිය වනඅලියෙක්ගේ සිරුරක් සොයාගෙන තිබෙනවා.
වනජීවී නිලධාරීන් සඳහන් කළේ මෙම වනඅලියාට අවස්ථා රැසකදී ප්‍රතිකාර කටයුතු ද සිදු කළ ද අනතුරුව එම අලියා මියගොස් ඇති බවයි.
මරණයට නිශ්චිත හේතුවක් අනාවරණය වී නොමැති අතර මළසිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතව තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් හම්බෙගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන් සහ වනජීවි නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කිරීමට නියමිතයි.
(colombotimes.lk)