colombotimes.lk
සිංහල | English

08 September 2024


පාන් මිල ගැන අවසන් තීරණය හෙට



පාන් මිල අඩු කිරීම සම්බන්ධයෙන් හෙට (26) දිනයේදී ප්‍රකාශයක් සිදු කරන බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන කියා සිටියේ පාන් මිල අඩු කිරීම සම්බන්ධයෙන් ඊයේ (24) සිදු කළ සාකච්ඡා මඟින් එකඟතාවයකට පැමිණීමට නොහැකි වූ බවයි.

එම නිසා හෙට (26) දිනයේදී මේ සම්බන්ධයෙන් තවත් සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

(colombotimes.lk)