04 August 2025

logo

හිටපු DIG රොහාන් ගැන අල්ලස් කොමිසමෙන් අධිකරණයට දැනුම්දීමක්



අල්ලස් කොමිසම විසින් සිදු කරන විමර්ශනයකට අදාළව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මෙම අවස්ථාවේදී අත්අඩංගුවට ගැනීමේ අවශ්‍යතාවයක් මතු නොවන බව අල්ලස් කොමිසම අද (22) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්දී තිබෙනවා. 

අල්ලස් කොමිසම විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා රොහාන් ප්‍රේමරත්න විසින් ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප පෙත්සමක් අද කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නිලධාරියා මේ බව දැනුම්දී තිබෙන බවයි වාර්තා වන්නේ. 

හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාට අල්ලස් කොමිසම හමුවට ගොස් ප්‍රකාශයක් ලබාදීමට කටයුතු කරන ලෙස මහේස්ත්‍රාත්වරයා පෙත්සම්කාර ප්‍රේමරත්නගේ නීතිඥවරයාට දැනුම්දී තිබෙනවා. 

මෙහිදී අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණය හමුවේ සඳහන් කළේ කිසිදු අවස්ථාවක තම නිලධාරීන් ප්‍රේමරත්නගේ නිවසට නොගිය බවයි. 

(colombotimes.lk)