colombotimes.lk
සිංහල | English

18 October 2024


පත්වීම් කිහිපයක් අවලංගු කිරීමට කැබිනට් අනුමැතිය



පසුගිය රජයේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත සිදු කළ පත්වීම් කිහිපයක් අවලංගු කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.

ඒ අනුව අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත ජනාධිපති කාර්යාලය යටතේ විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ කටයුතු සඳහා වන කාර්යාලය හා සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම වෙනුවෙන් ජන සභා ක්‍රමය ස්ථාපිත කිරීම උදෙසා වන ජාතික ජන සභා ලේකම් කාර්යාලය ස්ථාපිත කිරීමට සහ කෘෂිකර්ම නවීකරණ වැඩසටහන  ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබුණා.

ඒ සඳහා කොන්ත්‍රාත් පදනම් මත නිලධාරීන්, උපදේශකයන් පත් කර තිබූ බවයි සඳහන් වන්නේ.

කෙසේවෙතත් එම කාර්යාල සහ වැඩසටහන මඟින් අපේක්ෂිත කාර්යයන් අදාළ අමාත්‍යාංශ මඟින් ක්‍රියාත්මක කිරීමේ හැකියාව පවතින බැවින්, ඒ සඳහා කොන්ත්‍රාත් පදනම මත බඳවා ගත් නිලධාරීන්ගේ, උප‌දේශකයන්ගේ සේවය 2024-09-30 දින සිට ක්‍රියාත්මක වන පරිදි අවසන් කිරීම පිණිස පියවර ගෙන තිබෙනවා.

(colombotimes.lk)