colombotimes.lk
සිංහල | English

08 September 2024


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනයට කැබිනට් අනුමැතිය



ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.  

ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 (ආ) ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයන්ට අදාළ පනත් කෙටුම්පත වසර 06 ඉක්මවීම වගන්තිය වෙනුවට 'වසර 05 ඉක්මවීම' යන වගන්තිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා.
 
(colombotimes.lk)