08 August 2025

logo

කාදිනල් හිමිපාණන් අග්‍රාමාත්‍යවරියගෙන් ඉල්ලීමක් කරයි



2026 වර්ෂයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ සාකච්ඡාවක් අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රමුඛ රදගුරුවරුන් සමඟ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර ඊයේ (07) පවත්වා තිබෙනවා. 

ඒ අගරදගුරු නිල නිවසේදීයි.   

එහිදී ධීවර, කෘෂි ක්ෂේත්‍රවල ව්‍යවසායකයන් නිර්මාණය කිරීමට හැකි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කරන ලෙස කාදිනල් හිමිපාණන් අග්‍රාමාත්‍යවරියගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. 

(colombotimes.lk)