26 March 2025


සුඩාන මහ බැංකුවේ බලය එරට රජයේ හමුදාවට



සුඩාන රජයේ හමුදාව එරට මහ බැංකුවේ බලය යළි අත්පත් කර ගැනීමට සමත්වී තිබෙනවා.

ජනාධිපති මන්දිරයේ බලය අත්පත් කරගෙන දිනකට පසුව සුඩාන කැරලිකාර කණ්ඩායම් සතුව තිබූ එරට මහ බැංකු මූලස්ථානයේ බලය මෙලෙස යළි අත්පත් කර ගැනීමට සුඩාන හමුදාවට හැකිවී තිබෙන බවයි වාර්තා වන්නේ.
 
කාටූම් නගරයේ බොහෝ ප්‍රදේශවල බලය මේ වන විට තම පාලනය යටතේ පවතින බව සුඩාන හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඩ්‍රෝන යානා යොදාගනිමින් කැරළිකරුවන් සුඩාන හමුදාවට ප්‍රති ප්‍රහාර එල්ල කරන බවයි.
 
එම ඩ්‍රෝන ප්‍රහාරයන්ගෙන් හමුදා සෙබලුන් කිහිපදෙනෙක් සහ මාධ්‍යවේදීන් 03දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

(colombotimes.lk)