colombotimes.lk
සිංහල | English

21 May 2024

Champions Trophy 2025: ශ්‍රී ලංකාවේ ඉරණම විසඳෙන හැටි



Champions Trophy 2025 සඳහා සහභාගී වන කණ්ඩායම් 8 අතරට කණ්ඩායම් 6ක් මේ වනවිට සුදුසුකම් ලබා තිබෙනවා.

එම කණ්ඩායම් වන්නේ ඉන්දියාව, දකුණු අප්‍රිකාව, ඕස්ට්‍රේලියාව, පාකිස්තානය, නවසීලන්තය සහ ඇෆ්ගනිස්ථානයයි.

ඉතිරි කණ්ඩායම් දෙක සඳහා එංගලන්තය, බංග්ලාදේශය, ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතරින් කණ්ඩායම් දෙකක් තේරී පත්වනු ඇති.

නමුත් ලෝක කුසලාන තරගාවලියේ තරග 4ක් තවමත් ඉතිරිව ඇති බැවින් ශ්‍රී ලංකාව මේ සඳහා සුදුසුකම් ලැබීම ඉරණමට බාර දීමට සිදුවන බව සඳහන්.

ඒ අනුව ශ්‍රී ලංකාවට මේ සඳහා සුදුසුකම් ලැබීමට නම් එංගලන්තය, බංග්ලාදේශය සහ නෙදර්ලන්තය යන රටවල් අතරින් දෙකක් විශාල පරතරයකින් පරාජය විය යුතුයි. 
(colombotimes.lk)