විදෙස් ගමන් බලපත්‍ර සිද්ධියට අදාළව හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ සැකකාරියක ලෙස නම් කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.
ඒ අනුව සුදුසු ක්‍රියාමාර්ග ගෙන වාර්තා කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග කර ඇති බව සඳහන්.
මේ අතර හිටපු රාජ්‍ය අමාත්‍යවරිය ඇය පදිංචිව සිටි නිවසින් අතුරුදන්ව ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට කරුණු වාර්තා කර තිබෙනවා.
(colombotimes.lk)