ලංකා ඛනිජ තෙල් සංස්ථාව වසර 35කට පසු පළමුවරට එහි සේවක බඳවා ගැනීමේ ක්‍රියාවලියට සැලකිය යුතු ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරමින් සිටින බවට වාර්තා වනවා.
එමෙන්ම සංස්ථාවේ ඇති අක්‍රමිකතා සම්බන්ධයෙන් දිගුකාලීන ගැටළු විසඳීම සඳහා මෙම පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මෙම ප්‍රතිසංස්කරණවල ප්‍රධාන කොටසක් ලෙස ශ්‍රම බලකායේ සැලකිය යුතු අඩුවීමක් ඇතුළත් වන බව එහි කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාර සඳහන් කළා.
ඔහු කියා සිටියේ 2012 සිට බඳවා ගත් සේවකයන් 3,000ක් පමණ ඔවුන්ගේ තනතුරු සමාලෝචනය කරන බවත් ශ්‍රම බලකාය 'අත්‍යාවශ්‍ය සේවකයන්' 2,031ක් දක්වා අඩු කරන බවයි.
මෙම ප්‍රතිව්‍යුහගත කිරීම සංස්ථාවේ මෙහෙයුම් කාර්යක්ෂමතාව සහ මානව සම්පත් උපාය මාර්ගය නැවත සකස් කරන බවද අපේක්ෂා කර තිබෙනවා.
(colombotimes.lk)