චීන සංවර්ධන සංසදයේ 2025 වාර්ෂික රැස්වීම ඊයේ (23) බෙයිජිං නගරයේ දී ආරම්භ වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙය චීන ‘සැසිවාර දෙකෙන්’ පසු පැවැත්වෙන පළමු මහා පරිමාණ ජාතික මට්ටමේ ජාත්‍යන්තර සංසඳය බවයි.
මෙම රැස්වීමට බහුජාතික සමාගම් 100කට අධික සංඛ්‍යාවක් එක්ව තිබෙනවා.
මෙවර සන්සන්දයේ තේමාව වී ඇත්තේ 'පූර්ණ සංවර්ධන ගම්‍යතාව සමඟ ගෝලීය ආර්ථිකයේ ස්ථාවර වර්ධනය ප්‍රවර්ධනය කිරීම' යන්නයි.
එහිදී දෙස් විදෙස් ආරාධිතයන් සාර්ව ප්‍රතිපත්ති, ප්‍රතිසංස්කරණ, පරිභෝජනය ඉහළ නැංවීම, නව ගුණාත්මක ඵලදායිතාව, කෘත්‍රිම බුද්ධිය යනාදී කරුණු කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා.
(colombotimes.lk)