colombotimes.lk
සිංහල | English

18 October 2024


චීන යුධ පුහුණු නෞකාවකට මෙරටට පැමිණීමට අවසර



මෙම මාසය තුළ චීන යුධ පුහුණු නෞකාවක් මෙරටට පැමිණීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කළා.

ඒ අද (08) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ එම නෞකාවට මෙරට දේශ සීමාවට පැමිණීමට අවසර ලබා දුන් බවයි.

එම පැමිණීම ලංකාවේ ආරක්ෂාවට හානියක් සිදු නොවන බවත් මීට පෙරද ඇමරිකානු, ඉන්දියානු, ජර්මන් යන රටවල යුධ අභ්‍යාස නෞකා මෙරටට පැමිණ තිබෙන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.      

(colombotimes.lk)