colombotimes.lk
සිංහල | English

19 September 2024

INTERNATIONAL
POLITICAL


ලෙබනනයේ පිපිරීම්වලින් 09ක් මිය යයි - 3000කට තුවාල



ලෙබනනයේ බේරූට් අගනුවර ඇතුළු ප්‍රදේශ ගණනාවක පිපිරීම් රැසක් සිදු වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වර්තා කළේ මෙම පිපිරීම් හේතුවෙන් පුද්ගලයන් 09 දෙනෙක් මියගොස් ඇති බවයි.

එමෙන්ම පුද්ගලයන් 3,000කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා තිබෙනවා.

එලෙස තුවාල ලැබූ පුද්ගලයන්ගෙන් 200ක පමණ පිරිසකගේ තත්ත්වය බරපතළ බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ලෙබනනයේ ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානයේ සාමාජිකයන් සිය පණිවුඩ හුවමාරු සඳහා යොදා ගන්නා 'පේජර් පණිවුඩ හුවමාරු' යන්ත්‍ර එකවර පුපුරායාමෙන් ඔවුන් මෙලෙස තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)