colombotimes.lk
සිංහල | English

19 September 2024

INTERNATIONAL
POLITICAL


වෙඩි හුවමාරුවකින් එක් පුද්ගලයෙක්ට දිවි අහිමි වෙයි



කොහුවල පොලිස් වසමේ සරණංකර පාර, ප්‍රදේශයේ වෙළෙඳසැලක් තුළ සිටි පුද්ගලයෙක්ට වෙඩි තබා තිබෙනවා.

එම වෙඩි තැබීම ඊයේ (18) රාත්‍රියේ සිදු කර තිබෙන බවයි වාර්තා වන්නේ.
 
වෙඩි වැදීමෙන් තුවාලකරු කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගිය පුද්ගලයා අවුරුදු 43ක් වන නැදිමාල, දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පොලීසිය සඳහන් කළේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙක් විසින් මෙම වෙඩිතැබීම සිදුකර පළා ගොස් ඇති බවයි.

ඝාතනයට හේතුව හෝ සැකකරුවන් පිළිබඳ මෙතෙක් අනාවරණය වී නොමැති අතර කොහුවල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

(colombotimes.lk)