colombotimes.lk
සිංහල | English

19 September 2024

INTERNATIONAL
POLITICAL


SL Vs NZ | පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි



නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි.

ඊයේ (18) පළමු දිනය සඳහා තරගය නතර කරනවිට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 07ක් දැවී ලකුණු 302ක් රැස් කරගෙන සිටියා.

එහිදී කමිඳු මෙන්ඩිස් සිය ටෙස්ට් දිවියේ සිව්වන ශතකය රැස් කළ අතර කුසල් මෙන්ඩිස් 19 වන අර්ධ ශතකය රැස් කළා.

රමේෂ් මෙන්ඩිස් සහ ප්‍රභාත් ජයසූරිය නොදැවී කඩුල්ලේ රැඳී සිටිනවා.  

දෙවන දිනය සඳහා තරගය අද උදෑසන 10.00ට ආරම්භ වීමට නියමිතයි.

(colombotimes.lk)