01 August 2025

logo

කොළඹ උද්ධමනය ඉහළට



කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මඟින් මනින මතුපිට උද්ධමනය ජූලි මාසයේදී ඉහළ ගොස් තිබෙනවා.

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ ජුනි මාසයේ -0.6% ලෙස වාර්තා වූ උද්ධමනය ජූලි මාසයේදී -0.3%ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. 

මේ අතර වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත ආහාර කාණ්ඩයේ උද්ධමනය ජූලි මාසයේදී 1.5%ක් දක්වා අඩු වී තිබෙනවා.

එය ජුනි මාසයේදී වාර්තා වුණේ 4.3%ක් ලෙසයි. 

එමෙන්ම ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය ජූලි මාසයේදී -1.2%ක් දක්වා වැඩි වී ඇති අතර එය ජුනි මාසයේදී -2.8%ක් ලෙස වාර්තා වී තිබෙනවා. 

(colombotimes.lk)