22 July 2025

logo

ඇමති මනූෂගේ පුද්ගලික ලේකම්ට අධිකරණයෙන් දුන් නියෝගය



අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාරගේ පුද්ගලික ලේකම් වශයෙන් කටයුතු කළ ශාන් යහම්පත් ගුණරත්න ඇප මත මුදා හරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල නියෝග කර තිබෙනවා. 

සැකකරු රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප 02ක් මත මුදා හැරීමට නියෝග කර තිබෙන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම සැකකරුගේ විදේශ ගමන් තහනම් කිරීමටත් නියෝග කර තිබෙනවා. 

අල්ලස් කොමිසම සහ විත්තියේ නීතිඥවරු විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)