colombotimes.lk
සිංහල | English

18 October 2024


ආරක්ෂක ලේකම් ආරක්ෂක ප්‍රධානීන් හමුවෙයි



ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්ත ආරක්ෂක ප්‍රධානීන් හමුවී තිබෙනවා.

ඒ ඊයේ (02) ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේදීයි.
 
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා, යුද හමුදාපති ලුතිනන් ජනරාල් විකුම් ලියනගේ, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, ගුවන් හමුදාපති එයාර් මාෂල් උදේනී රාජපක්ෂ යන ආරක්ෂක ප්‍රධානීන් වෙන් වෙන් වශයෙන් ආරක්ෂක ලේකම්වරයා හමුවී තිබෙන බවයි වාර්තා වන්නේ.

එසේම වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය ද ආරක්ෂක ලේකම්වරයා හමුවී සුහද සාකච්ඡාවක නිරත වී තිබෙනවා.

(colombotimes.lk)