colombotimes.lk
සිංහල | English

19 May 2024

ඩොනල්ඩ් ට්‍රම්ප් අධිකරණයට



හිටපු ඇමරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අපරාධ නඩුවක් සම්බන්ධයෙන් නිව්යෝර්ක් අධිකරණය වෙත පැමිණ තිබෙනවා.

ඒ, 2016 මැතිවරණයට ටික කලකට පෙර වැඩිහිටි චිත්‍රපට තරුවක් වන ස්ටොමි ඩැනියෙල්ස් වෙත කරන ලද මුදල් ගෙවීමක් වසන් කිරීම සඳහා ඔහුගේ ව්‍යාපාරික වාර්තා ව්‍යාජ ලෙස සකස් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වීමත් සමඟයි.

ට්‍රම්ප් වරදකරු වුවහොත් උපරිම වශයෙන් වසර හතරක සිරදඬුවමකට මුහුණ දීමට සිදුවනු ඇති බව ද සිරගත වීම වළක්වා ඒ වෙනුවට දඩයක් නියම කළ හැකි බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
(colombotimes.lk)