වැඩිහිටියන් සඳහා නව ජාතික ප්‍රතිපත්තියක් කෙටුම්පත් කිරීම ආරම්භ කර ඇති බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ ප්‍රකාශ කළා.
ඒ මෙම කෙටුම්පත සම්බන්ධයෙන් රාජ්‍ය ආයතන, සංවිධාන, සහ විශේෂඥ පුද්ගලයන්ගේ අදහස් විමසීම සඳහා ඊයේ (21) ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති විශේෂ වැඩමුළුවකට එක්වෙමින්.
ශ්‍රී ලංකාවේ සිටින සියළුම වැඩිහිටි පුද්ගලයන්ට අභිමානයෙන් සහ ආරක්ෂා සහිතව සෞඛ්‍ය සේවා, ආදායම් සහ සමාජ ආරක්ෂාව සඳහා සමාන ප්‍රවේශයක් සැකසීම සහ තම පවුල සහ ප්‍රජා ජීවිතයේ විවිධ විශේෂ අවස්ථාවලට සහභාගිවීමට ඇති අයිතිය තහවුරු කිරීමේ දැක්ම සහිතව මෙම වැඩිහිටි ප්‍රතිපත්තිය කෙටුම්පත් කිරීම ආරම්භ කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.