colombotimes.lk
සිංහල | English

24 October 2024


SL Vs WI | එක්දින තරගාවලියේ ජයත් සිංහයන්ට



සංචාරක කොදෙව් කණ්ඩායමට එරෙහි එක්දින තරගාවලිය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (23) සමත් වුණා.

ඒ මෙම තරගාවලියේ දෙවන එක්දින තරගය කඩුලු 5කින් ජයග්‍රහණය කිරීමත් සමඟයි.

තරගය ආරම්භ කිරීමට පෙර වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් එක් ඉනිමක් පන්දුවාර 44කට සීමා කිරීමට සිදු වුණා.

ඒ අනුව තරගයේ පළමුව පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායමට පන්දුවාර 36ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 189ක් පමණයි.

පන්දු යැවීමේදී වනිදු හසරංග කඩුලු 4ක්, මහීෂ් තීක්ෂණ සහ අසිත ප්‍රනාන්දු කඩුලු 3 බැගින් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 38යි පන්දු 2ක් පමණක් වැය කරමින් කඩුලු 5ක් දැවී සිටියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

එහිදී චරිත් අසලංක නොදැවී ලකුණු 62ක් රැස්කර ගත්තා.

ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ එක් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලියේ ජය තමන් සතු කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.

(colombotimes.lk)