colombotimes.lk
සිංහල | English

23 October 2024


මාලදිවයින් කොමසාරිස් සහ ආරක්ෂක ලේකම් අතර හමුවක්



ශ්‍රී ලංකාවේ පිහිටි මාලදිවයින් ජනරජ තානාපති කාර්යාලයේ මහ කොමසාරිස් Masood imad සහ ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා අතර හමුවක් අද (23) සිදු වුණා.

ඒ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි ආරක්ෂක අමාත්‍යාංශයේදීයි.

ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය අංශය ස‍ඳහන් කළේ එහිදී දෙරටේ ද්විපාර්ශවික සබඳතා සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීම සම්බන්ධයෙන් වැදගත් කරුණු කිහිපයක් සාකච්ඡා කළ බවයි.

එමෙන්ම මෙම අවස්ථාවේ වැදගත්කම සනිටුහන් කරමින් දෙපාර්ශවයේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු වුණා.

(colombotimes.lk)