colombotimes.lk
සිංහල | English

24 October 2024


රාජ්‍ය සේවක වැටුප් ගැන රනිල් කියන කතාව මෙන්න



රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට තමන් ගත් නීත්‍යානුකූල කැබිනට් තීරණය වහාම ක්‍රියාත්මක කළ යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

කොළඹ මල් පාරේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ කාර්යාලයේ අද (23) පැවති වෘත්තීය සමිති සංගම් නියෝජිත හමුවකදී ඔහු මේ බව සඳහන් කළා.

එහිදී ඔහු කියා සිටියේ තමා ජනාධිපතිවරණය ජයග්‍රහණය කළා නම් ලබන ජනවාරියේ සිට රාජ්‍ය සේවක වැටුප් වැඩි කර ලබාදීමට සැලසුම් කර තිබූ බවත් අදාළ වැටුප් වැඩිවීම වත්මන් ආණ්ඩුවට දිය නොහැකි නම් ඊට වෙන් කළ මුදල්වලට සිදු වූයේ කුමක්දැයි ආණ්ඩුව වහා හෙළි කළ යුතු බවයි.

(colombotimes.lk)