colombotimes.lk
සිංහල | English

08 September 2024


මැතිවරණයට අදාළ නීති රීති අද සිට ක්‍රියාත්මකයි



මැතිවරණයට අදාළ නීති රීති අද (26) සිට ක්‍රියාත්මක වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක පවසනවා.

ඒ අනුව නිදහස් හා සාධාරණ ඡන්ද විමසීමක් පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම ගන්නා ක්‍රියාමාර්ගවලට සහයෝගය ලබා දෙන ලෙස අපේක්ෂකයන්ගෙන් සභාපතිවරයා ඉල්ලා සිටින බවයි වාර්තා වන්නේ.

එමෙන්ම මැතිවරණ නීතිවලට පටහැනිව කටයුතු කරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

(colombotimes.lk)