colombotimes.lk
සිංහල | English

18 October 2024


ඇල්පිටියේ තැපැල් ඡන්ද සලකුණු කීරීම 14 වනදා



ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා තැපැල් ඡන්ද සලකුණු කිරීම ලබන 14 වනදා සිදු කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එම දිනයේදී ඡන්දය සලකුණු කිරීමට නොහැකිවන ඡන්ද දායකයන් සඳහා ලබන 18 වනදා අවස්ථාව සැලසෙන බවද කොමිෂන් සභාව විසින් නිකුත් කළ නිල නිවේදනයේ සඳහන්.

එමෙන්ම ලබන 26 වනදා පැවැත්වෙන ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබන 12 වනදා තැපෑලට භාරදීමට නියමිතයි.

ඒ අනුව 17 වනදා සිට 20 වනදා දක්වා ඒවා බෙදා හැරීම සිදු කරනු ලබනවා.


(colombotimes.lk)