colombotimes.lk
සිංහල | English

08 September 2024


PHOTOS | ව්‍යවසායකත්ව ගම්මාන තරගාවලියේ ජයග්‍රාහකයන්ට සම්මාන පිරිනැමෙයි



මහජන බැංකුවේ ව්‍යවසායකත්ව ගම්මාන තරගාවලිය 2023 ජයග්‍රාහකයන් සඳහා සම්මාන ප්‍රධානෝත්සවය පසුගියදා පැවැත්වුණා.

ඒ මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී / සාමාන්‍යාධිකාරී ක්ලව් ෆොන්සේකා මහතාගේ ප්‍රධානත්වයෙන්.

කොළඹ 05 මහජන බැංකුවේ මාණ්ඩලික අභ්‍යාස විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී මෙම උත්සවය පැවැත්වුණා.

එහිදී හොඳම ව්‍යවසායකත්ව ගම්මාන පිහිටුවීම වෙනුවෙන් මහජන බැංකුවේ දික්වැල්ල, කඩුගන්නාව, වරකාපොළ, වලස්ගල, නාඋල, හොරොව්පතාන, සියඹලාණ්ඩුව, වැල්ලවාය, පේදුරුතුඩුව සහ ගලේවෙල යන ශාඛාවන් සම්මානයට පාත්‍ර වුණා.













(colombotimes.lk)