colombotimes.lk
සිංහල | English

18 October 2024


හිටපු මන්ත්‍රීවරුන්ගේ පොලිස් ආරක්ෂාව ඉවතට



ඊයේ (26) සිට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබා දී තිබූ පොලිස් නිලධාරීන් ඉවත්කර තිබෙනවා.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මන්ත්‍රී දීමනාව, කාර්ය මණ්ඩල දීමනාව, ඉන්ධන දීමනාව, මුද්දර දීමනාව ඇතුළුව සියලු පහසුකම් අහෝසි වූ බවයි සඳහන් වන්නේ.

කෙසේ වෙතත් මැතිවරණය පැවැත්වෙන දිනය තෙක් මාදිවෙල මන්ත්‍රී නිළ නිවාසයේ පමණක් රැඳී සිටීමට අවසර ලබා දී ඇති අතර හිටපු කථානායක, හිටපු නියෝජ්‍ය කථානායකවරයාගේ සහ විපක්ෂ නායකවරයාගේ පොලිස් ආරක්ෂාවද දිගටම ලබාදීමට තීරණය කර තිබෙනවා.

(colombotimes.lk)