colombotimes.lk
සිංහල | English

18 October 2024


සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරිගේ සේවය අවසන් වෙයි



සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරිගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අවසන් කිරීමට රජය තීරණය කර තිබෙනවා.

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් කියා සිටියේ ජනාධිපති අනුර කුමාර දිසානායක මුදල් අමාත්‍යවරයා වශයෙන් ඉදිරිපත් කර තිබූ එම යෝජනාවට කැබිනට් මණ්ඩලය අනුමැතිය හිමිවූ බවයි.
 
එම්. ජේ. ගුණසිරි සුරාබදු කොමසාරිස් ජනරාල් වශයෙන් කොන්ත්‍රාත් පදනම මත සේවය කරමින් සිටියා.

එම තනතුරේ වැඩබැලීම සඳහා ජනාධිපති අතිරේක ලේකම් (ආයතන සම්බන්ධීකරණ 2) වශයෙන් සේවය කරන යූ. ඩී. එන් ජයවීර පත් කිරීමටද කැබිනට් මණ්ඩලය අනුමැතිය හිමිවී තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)