colombotimes.lk
සිංහල | English

06 October 2024


බෙලිඅත්තේ මාරක අනතුරකින් 05ක් රෝහලට



බෙලිඅත්ත වලස්මුල්ල මාර්ගයේ බෙලිඅත්ත නගරය ආසන්නයේ ඊයේ (05) රාත්‍රියේ කාර් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා.

එම අනතුරෙන් එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් පුද්ගලයන් 05 දෙනෙක් තුවාල ලබා තිබෙන බවයි වාර්තා වන්නේ.

තුවාල ලැබූ පුද්ගලයන් තංගල්ල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අධික වේගයෙන් රිය ධාවනය කිරීමෙන් මෙම අනතුර සිදු වුණ බව තංගල්ල පොලීසිය සඳහන් කළා.    

(colombotimes.lk)