02 April 2025


මධ්‍යම පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක රිමාන්ඩ්



මධ්‍යම පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක දොන් හරින්ද්‍ර චානක අයිලප්පෙරුම රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ අල්ලස් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන්.

රජයේ රැකියා ලබාදෙන බව පවසා අල්ලස් ලෙස රුපියල් 200,000ක සහ රුපියල් 150,000ක මුදල් ලබාගැනීම සම්බන්ධව ඔහුව  අද (26) අත්අඩංගුවට හනු ලැබුවා.

අනතුරුව සැකකරු මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 28වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා. 

 
(colombotimes.lk)