දූෂණය නැමති වරද යටතේ අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.
අල්ලස් කොමිසම සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය මෙම නියෝගය නිකුත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
රුපියල් පනස් දහසක මුදල් ඇප සහ රුපියල් මිලියන 05 බැගින් වූ ශරීර ඇප 03ක් මත සැකකරු මුදා හැරීමට නියෝග කර තිබෙනවා.
එමෙන්ම සැකකරුගේ විදේශ ගමන් තහනම් කිරීමට ද මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)