colombotimes.lk
සිංහල | English

21 October 2024


කොටුව - මරදාන දුම්රිය සියල්ල තාවකාලිකව නවතියි



කොටුව දුම්රිය ස්ථානයේ දුම්රිය ගමන් පථ වෙනස් කිරීමේ අංශයේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් මරදාන දෙසට ධාවනය වන සියලුම දුම්රියන් තාවකාලිකව නවතා තිබෙනවා.

ඒ අනුව කොළඹට පැමිණෙන කාර්යාල දුම්රියද ප්‍රමාද වී තිබෙන බවයි වාර්තා වන්නේ.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ මේ වන විටත් එහි නඩත්තු කටයුතු ආරම්භ කර ඇති අතර හැකි ඉක්මනින් එය යථා තත්ත්වයට පත් කරන බවයි.    

(colombotimes.lk)