ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කරසිටි අතුරුගිරිය පොලීසියේ කොස්තාපල්වරයෙක් වන හසිත රොෂාන් නමැත්තා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.
කොළඹ මහාධිකරණය විසින් කළ ඇප නියෝගයකට අනුව මෙම සැකකරු ඇප මත මුදා හැරීමට නියම කර තිබෙන බවයි වාර්තා වන්නේ.
ඒ අනුව අදාළ සැකකරු රුපියල් 50,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කර තිබෙනවා.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙසත් සැකකරුට අවවාද කර තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)