ගාසා තීරයේ පලස්තීනුවන් රාමසාන් උපවාසය අවසන් කරමින් ඊදුල් ෆිතර් උත්සවය සමරන අවස්ථාවේදී ඊශ්‍රායල හමුදාව විසින් ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ දකුණු ගාසා තීරයේ ඛාන් යූනිස් සහ රෆා නගරවල පුද්ගලයන් 35දෙනෙක්ද එම ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත් වී ඇති බවයි.
රාමසාන් උත්සවය ලෙයිත් තෙත් කළ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් පැය 48ක් ඇතුළත පුද්ගලයන් 80ක් මිය ගිය බවත් තවත් පුද්ගලයන් 305දෙනෙක් තුවාල ලබා ඇති බවත් ගාසා තීරයේ සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.
(colombotimes.lk)