colombotimes.lk
සිංහල | English

02 May 2024

විගණකාධිපතිගෙන් සියළු රාජ්‍ය ආයතනවලට විශේෂ නිවේදනයක්



සියලුම රාජ්‍ය ආයතන තම වාර්ෂික මුල්‍ය ප්‍රකාශන පෙබරවාරි 28 හෝ ඊට පෙර ඉදිරිපත් කළ යුතු බව විගණකාධිපති ඩබ්ලිව්.පී.සී.වික්‍රමරත්න මහතා නිවේදනය කරනවා. 

ඒ අනුව විගණකාධිපතිවරයාගේ සාරාංශ වාර්තාව නිකුත් කිරීමට පෙර 'මාස තුනක පූර්ණ විගණන කටයුතු' සඳහා ඉඩ සලසන බව සඳහන් කරමින්, නියමිත වේලාවට අදාළ මූල්‍ය ප්‍රකාශන ලබා දිය යුතු බවයි නිවේදනයක් නිකුත් කරමින් විගණකාධිපතිවරයා පවසන්නේ. 
 
විගණකාධිපතිවරයාගේ වාර්ෂික මූල්‍ය ප්‍රකාශන වාර්තාව සමඟින් ප්‍රකාශයට පත් කෙරෙන මෙම වාර්තා මැයි 31 වැනිදාට පෙර නිකුත් කිරීමට නියමිතයි.
(colombotimes.lk)