colombotimes.lk
සිංහල | English

17 May 2024

සරසවි අනධ්‍යන කාර්ය මණ්ඩලය අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයක



සියලුම විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩලය අද (02) දහවල් 12.00 සිට අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමු වීමට තීරණය කර තිබෙන බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවසනවා.

ඒ අනධ්‍යයන සේවකයින්ගේ වැටුප 15% කින් කප්පාදු කිරීමත්, ඔවුන්ගේ මාසික දීමනාව වැඩි නොකිරීමටත් විරෝධය පළ කරමින්.

විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ධම්මික එස් ප්‍රියන්ත මහතා පැවසුවේ මෙම ගැටලුව නිරාකරණය කරන තෙක් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය දියත් කරන බවයි.
(colombotimes.lk)