2025 වසරේ මුල් මාස 05 තුළ ශ්‍රී ලංකාවේ රජයේ ආදායම රුපියල් බිලියන 1,942.36 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ එය පසුගිය වසරේ එම කාලය තුළ වාර්තා වූ රුපියල් බිලියන 1,619.23ට සාපේක්ෂව 19.95%ක වැඩිවීමක් බවයි.
ඉහළ බදු එකතු කිරීම් මෙලෙස රජයේ ආදායම වැඩිවීමට ප්‍රධාන වශයෙන් හේතු වී තිබෙනවා.
ඒ අනුව රජයේ බදු ආදායම පෙර වසරේ පැවති රුපියල් බිලියන 1,491.25 රුපියල් බිලියන 1,802.48 දක්වා 20.87% කින් ඉහළ ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)