මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ගුවන්යානා පැමිණෙන තත්ත්වයට පත් කිරීමට තවත් වසර කිහිපයක් ගතවන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක ප්‍රකාශ කළා.
ඒ ඊයේ (10) එම ගුවන්තොටුපොළේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අවස්ථාවේදීයි.
ගුවන්තොටුපොළ වර්තමානයේ තිබෙන තත්ත්වයෙන් පවත්වාගෙන යාම තුළින් රජයට අමතර වියදමක් දැරීමට සිදු වී ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)