colombotimes.lk
සිංහල | English

21 May 2024

ඉන්දීය ක්‍රිකට් පුහුණුකරු තනතුරට අයදුම්පත් කැඳවයි



ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා එළඹෙන විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියට පෙර අයදුම්පත් කැඳවීමට ඉන්දීය ක්‍රිකට් බලධාරීන් තීරණය කර තිබෙනවා.

පාලක මණ්ඩල ලේකම් ජේ ෂා පැවසුවේ, කණ්ඩායමේ වර්තමාන පුහුණුකරු ලෙස කටයුතු කරන රාහුල් ඩ්‍රාවිඩ් හටද ඒ සඳහා අයදුම් කළ හැකි බවයි.

නව ප්‍රධාන පුහුණුකරුට 2027 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය තෙක් වසර තුනක කොන්ත්‍රාත්තුවක් හිමි වන බව ඔහු වැඩිදුරටත් පැවසුවා.
(colombotimes.lk)