colombotimes.lk
සිංහල | English

02 May 2024

සෞඛ්‍ය වෘත්තීය සමිති යළිත් වර්ජන ක්‍රියාමාර්ගවලට එළඹීමට සූදානමක්



පෙබරවාරි මස පළමුවනදා සිට වර්ජන ක්‍රියාමාර්ගවලට එළඹෙන බව සෞඛ්‍ය වෘත්තීය සමිති පවසනවා. 

ඒ සාකච්ඡා මඟින් තම ගැටලුවලට විසඳුම් ලබා නොදීම හේතුවෙන් බවයි එම සමිති පැවසුවේ. 
 
එමෙන්ම අද දිනයේ කොළඹ අවට පිහිටි රෝහල් ඉදිරිපිට විරෝධතා ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට ද වෘත්තීය සමිති පියවර ගෙන තිබෙනවා. 
 
සෞඛ්‍ය සේවකයින්ට දීමනා ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විදෙස් ගතව සිට යළි මෙරටට පැමිණි විගස සාකච්ඡාවක් ලබාදෙන බවට ප්‍රකාශ කළ ද එය මේ දක්වාත් ලබා දී නොමැති බවයි සෞඛ්‍ය සේවකයින් සඳහන් කළේ.
(colombotimes.lk)