ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ චෙංගලඩි සහ වාලච්චේන ප්‍රාදේශීය සභා සභාපතිවරුන් සහ සභිකයන් ඊයේ (16) මඩකලපුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට කසළ ප්‍රවාහනය කරන ට්‍රැක්ටර 02කින් පැමිණ තිබෙනවා.
ඒ තමන්ට මෙතෙක් නිල වාහන ලබානොදුන් බව පවසමින්.
පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි සහ කර්මාන්න අමාත්‍ය සුනිල් හඳුන්නෙත්තිගේ සහභාගීත්වයෙන් මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී මෙම සම්බන්ධීකරණ කමිටු රැස්වීම පවත්වා තිබෙනවා.
මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාසමාණික්කම් සිය X ගිනුමේ සටහනක් තබමින් සඳහන් කළේ වත්මන් ආණ්ඩුව විසින් ඔවුන්ගේ නිල වාහන රාජසන්තක කර වෙන්දේසි කිරීමට සැලසුම් කර ඇති බවයි.
කෙසේවෙතත් නැගෙනහිර පළාතේ ආණ්ඩුකාරවරයා රජයට සැලකිය යුතු පිරිවැයක් දරන සුඛෝපභෝගී වාහනයක් භාවිත කරන බවද එම සටහනේ සඳහන්.
(colombotimes.lk)