colombotimes.lk
සිංහල | English

18 October 2024


IMF ප්‍රධානියා නව ජනපති අනුර ගැන කියූ දේ



ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂිකා, ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා මහත්මිය ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සුබ පැතුම් එක් කරමින් ලිපියක් යොමුකර තිබෙනවා.

එම ලිපියේ සඳහන් වන්නේ වත්මන් ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාවට ස්ථාවරත්වය, සෞභාග්‍ය සහ සුරක්ෂිත අනාගතයක් උදාකරලීමට හැකිවෙනු ඇති බවට තමා විශ්වාස කරන බවයි.
 
එමෙන්ම දැනට ක්‍රියාත්මක වන IMF වැඩසටහන ඇතුළු ශ්‍රී ලංකාවේ සංවර්ධනය සහ ප්‍රතිසංස්කරණ ඉලක්ක සාක්ෂාත් කරගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තිරසාර සහකරුවෙක් සහ පාර්ශවකරුවෙක් ලෙස තවදුරටත් කටයුතු කිරීමට සුදානම් බව එහි සඳහන් වී තිබෙනවා.

(colombotimes.lk)