අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු රුපියල් ලක්ෂ 11ක පමණ හිඟ බදු මුදලක් ඉවත් කරදීම සඳහා ව්‍යාපාරිකයෙක්ගෙන් රුපියල් ලක්ෂයක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා පසුව රුපියල් 50,000ක මුදලක් ලබාගැනීමට උත්සාහ කළ අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් නිලධාරීන් නිලධාරීන් විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණා.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල නියෝග කළේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අදාළ සැකකරු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි.
(colombotimes.lk)